සත්කාරක දේශයට පහරදුන් ඉක්වදෝරය

නොවැ 21, 2022

    ලොව විශාලතම ක්‍රීඩා උළෙලක් ලෙස සැලකෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කටක් රිදී ඊයේ ආරම්භ වුණා.

    ඒ ලොව පුරා සුපිරි කණ්ඩායම් 32 ක සහභාගිත්වයෙන්. මූලික වටයේදී ඔවුන් කාණ්ඩ අටක් යටතේ තරග වැදීමට නියමිතයි. දෝහා හි අල් බයිට් ක්‍රීඩාංගනයේදී පැවති අති උත්කර්ෂවත් සමාරම්භක උත්සවය කින් පසුව තරගාවලියේ තරගාවලියේ පළමු තරගය තරඟය පැවැත්වුණා. ඒ සත්කාරක කටාර් කණ්ඩායම සහ ඉක්වදෝර් යි කණ්ඩායම් අතර.

    තරගයේ පහළොස්වැනි පහළොස් වැනි මිනිත්තුවේ දී එක් දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ඉක්වදෝරයට පළමු ගෝලය ලබා දුන්නේ එනර් වැලන්සියා ක්‍රීඩකයායි. ඉන් මිනිත්තු දහයකට පසුව යළිත් ක්‍රියාත්මක වූ එනර් වැලන්සියා ඉක්වදෝරයට දෙවන ගෝලයා ද ලබා දුන්නා. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වුණේ වුණේ ගෝල 2-0 ලෙස ඉක්වදෝරය පෙරමුණ ගනිමින්.

    තරගයේ දෙවන අර්දයේදී දෙපිලටම ගෝල වාර්තා කිරීමට හැකිවුණේ නැහැ.ඒ අනුව තරගාවලියේ පළමු තරගයෙන් ඉක්වදෝරය ජය ගත්තේ ගෝල 2-0 ක් ලෙසයි. ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ සත්කාරක කණ්ඩායම පළමු තරගය පරාජය වූ පළමු අවස්ථාව ලෙසයි මෙය වාර්තා වන්නේ.

    Latest News