20-20 අප්‍රිකාව දිනයි

ඔක් 27, 2022

    මෙවර ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු මුල්ම ඡය අද බංගලාදේශයට එරෙහිව වාර්තා වුනා.

    සිඩ්නි හි කාසිය වාසිය ලබා මුලින්ම පන්දුවට පහර දුන් අප්‍රිකානුවන් ඉනිම නිමා කලේ කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබා ගනිමින්. රිලී රුසෝව් ලකුණු 109ක් රැස් කලේ පන්දු 56කදී හයේ පහර 8ක් හා හතරේ පහර 7ක් සමගින්. ඩී කොක් ලකුණු 63යි.

    බංගලාදේශය සියලු දෙනා දැවී ලකුණු 101 යි. සුපිරි පන්දු යැවීමක නිරත වූ එන්රිච් නොඡී ලකුණු 10 කට කඩුලු 4ක් සහ ෂම්සි ලකුණූ 20 කට කඩුලු 3ක් දවා ගත්තා. බංගලාදේශය වෙනුවෙන් ලින්ටන් දාස් ලකුණූ 34ක් ලබා ගත්තා.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ඔක්තෝබර් 2022 18:00

    Latest News