මහේලට නව තනතුරක්...

සැප් 14, 2022

    "මුම්බායි ඉන්දියන්ස්" කණ්ඩායමේ හිමිකාරීත්වය, සිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධනට නව තනතුරක් පිරිනමා තිබෙනවා.

    එය පිරිනමනු ලැබ ඇත්තේ, "මුම්බායි ඉන්දියන්ස්" කණ්ඩායම එමිරේට්ස් හා කේප්ටවුන් ලෙස එක්සත් අරාබි එමීර් සහ දකුණු අප්‍රිකා ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා එක් කිරීමට ගෙන ඇති තීරණයත් සමගයි.   ඒ අනුව, මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් සමූහයේ කාර්ය සාධනය පිළිබඳ ප්‍රධානියා ලෙස පත් කර තිබෙනවා. සමස්ත උපායමාර්ගික සැලසුම් ඇතුළත් ක්‍රිකට් මෙහෙයුම් සඳහා නායකත්වය සැපයීම ඇතුළු වගකීම් රැසක් ඊට ඇතුළත්. එබැවින් මහේල ජයවර්ධන මෙතෙක් දැරූ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් වනවා. මේ අතර, සහීර් ඛාන් මුම්බායි ඉන්දියන්ස් සමූහයේ ක්‍රිකට් සංවර්ධන ගෝලීය ප්‍රධානියා ලෙස උසස් කිරීමට ද කණ්ඩායම් කළමනාකාරිත්වය පියවර ගෙන තිබෙනවා. 

    Latest News