ප්‍රකාශ ලබාදෙන්න මහේලට වෙනත් දිනයක්

ජූලි 03, 2020

    ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, මහේල ජයවර්ධනට අද (03) දින ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණෙන ලෙස  “ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය“ දන්වා තිබේ.

    ඒ අනුව මහේල ජයවර්ධනට ඉදිරියේ දී දිනයක් ලබා දෙන බව එම ඒකකය සඳහන් කළේය.

    අද ඔහු කැඳවා තිබුණේ, 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

    Last modified on සිකුරාදා, 03 ජූලි 2020 09:58

    Latest News