වනිඳු ශ්‍රේණිගත කිරීම්වල පෙරට...

සැප් 14, 2022

    අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පන්දුවාර 20 - 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම අද (14) නිවේදනය කළා. ‍

    එම ශ්‍රේණිගත කිරීම්වලට මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩක දක්ෂතා ද සැලකිල්ලට ගෙන තිබෙනවා.  මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ,  තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම්ලත් වනිඳු හසරංග පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල  6 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ  තිබෙනවා. මහීෂ් තීක්‍ෂණ ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානයේ පසුවනවා. 20-20 තුන් ඉරියව් ‍ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල කැපීපෙනෙන දක්ෂතා හේතුවෙන් වනිදු ස්ථාන 4 කින් ඉදිරියට පැමිණ සිව් වැනි ස්ථානයට පත්ව තිබෙනවා.  තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි ඇෆගනිස්ථානයේ මොහමඩ් නබී දෙවැනි ස්ථානයට පත් කරමින් බංග්ලාදේශයේ ශකීබ් අල්හසන් පෙරමුණට පත් වුණා. 20 - 20  පිතිකරු ශ්‍රේණිගත කිරීම් අතර පැතුම් නිස්සංක 8 වැනි  ස්ථානයේ  පසුවනවා.

    Latest News