ලෝක කිරුළට පෙර මේ වසරේ පළමු ජය අපේක්ෂාවෙන්

මාර් 16, 2019

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පස්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද(16) කේප් ටවුන්හිදී පැවැත්වේ.

    දකුණු අප්‍රිකාව තරගාවලියේ පැවති තරග 4ම ජය හිමිකරගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදී තවමත් එක්දින ක්‍රිකට් තරගයක් ජය ගැනීමට සමත්වී නොමැත. ඒ අනුව ශ්‍රී ලංකාව අද තරගයට පිවිසෙන්නේ මේ වසරේ පළමු එක්දින ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීමේ අපේක්ෂාවෙනි. ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව තරගවදින අවසන් එක්දින ජාත්‍යන්තර තරගය මෙය වීමද විශේෂයි. කේප් ටවුන් ක්‍රීඩාංගණයේදී, මීට පෙර ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සමග තරග 2ක් ක්‍රීඩා කර ඇති අතර එම තරග 2කම ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත් වී තිබේ. දිවා-රාත්‍රී තරගයක් වන මෙය අද සවස 4.30 සිට අයි නාලිකාව ඔස්සේ සජීවව විකාශය කෙරේ.

    Latest News