තරගාවලිය මැද හතුරුසිංහව කොළඹට කැඳවයි

මාර් 14, 2019

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පස්වන එක්දින තරගයෙන් පසු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහව මෙරටට කැඳවා තිබේ.

    ඒ අනුව ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 20-20 තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රි ලංකා කණ්ඩායමේ පන්දු රැකිමේ පුහුණුකරු ස්ට්ව් රික්සන්ව පත්කර ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් පවසයි. 2019 ලෝක කුසලානය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායම සුදානම් කිරිමේ සැලසුම් සකස් කිරිමට අවශ්‍ය කාලය යෙදවිම සම්බන්ධයෙන් ඔහු කළ ඉල්ලීම සලකා බලමින් මෙම තිරණය ගෙන තිබේ.

    ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පස්වන එක්දින තරගය 16 වැනිදා පැවැත්වේ. 20-20 තරග 03 මාර්තු 19, 22, 24 පැවැත්වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2019 18:00

    Latest News