ඉන්දියාවට කඩුලු 05ක ජයක්

අගෝ 29, 2022

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් පකිස්තාන කණ්ඩායම පරදවා කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

    මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 147 ක් පමණයි.

    මොහොමඩ් රිස්වාන් ලකුණු 43 යි. පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් ලකුණු 26 කට කඩුළු 4 ක් දවාගත් අතර හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 25කට කඩුළු 3 ක් දවා ගත්තා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19 යි පන්දු 4 කදී කඩුළු 5 ක් දැවී ලකුණු 148 ක් රැස් කරමින්.

    විරාත් කෝලි සහ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 35 බැගින් රැස් කළා. ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කර රැගෙන ගිය හර්දික් පාණ්ඩ්‍යා පන්දු 17 කදි ලකුණු 33යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඇතුලත්.

    Latest News