පාකිස්ථානය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජයගනී....

ජූලි 20, 2022

    ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා. තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.  

    අද දිනය ආරම්භ කරන විට පාකිස්ථාන කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 222 ක් ලබා සිටියා. අද පළමු කඩුල්ල ලෙස දැවී ගියේ, ලකුණු 40 ක් රැස් කරගෙන සිටි මොහොමඩ් රිස්වාන්. අග්හා සල්මන් ලකුණු 12 ක් ලබා ගත්තා. පාකිස්ථාන කණ්ඩායම තරගය ජයගත්තේ කඩුලු 6ක් දැවී ලකුණු 344ක් රැස්කරමින්.

    විශිෂ්ට පිතිහරඹයක නිරත වූ අබ්දුල්ලා ෂාෆික් නොදැවී ලකුණු 160ක් රැස්කළා. පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 4යි. දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 24 වැනිදා ‍ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ‍යේදී ආරම්භ වීමට නියමිතයි.

    Latest News