ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ පදක්කම් ත්‍රිත්වයම අමෙරිකාවට...

ජූලි 22, 2022

    ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර සියය පිරිමි ඉසව්වේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම දිනා ගැනීමට අමෙරිකාව සමත් වුණා.

    තරගාවලිය පැවැත්වෙන්නේ, අමෙරිකාවේ ඔරිගන්හිදී. මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම හිමි කර ගත්තේ, නෝආ ලයිලීස් ක්‍රීඩකයායි. ඔහු තරගය නිම කළේ තත්පර 19. 31 ක කාලයක් වාර්තා කරමින්. එහි රිදී පදක්කම දිනා ගත් කෙනත් බෙඩ්නරීක් තරගය අවසන් කිරීමට තත්පර 19.77 ක කාලයක් ගත කළා. ඒරියන් නයිග්ටන් තරගයේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තා.  

    ‍මීටර් 200 කාන්තා ධාවන තරගයේ ජය හිමි කර ගත්තේ, ජැමෙයිකාවේ ශෙරිකා ජැක්සන්. ඇයට තරගය නිම කිරීමට තත්පර 21. 45 ක කාලයක් ගත වුණා. ජැමෙයිකාවේ ශෙලී ඈන් ෆ්‍රෙසර් ෆ්‍රයිස් එහි රිදී පදක්කමත්, බ්‍රිතාන්‍යයේ ඩීනා ස්මිත් ලෝකඩ පදක්කමත් දිනා ගත්තා.

    Latest News