ආසියානු ඔලිම්පික් කවුන්සිලය අද(19) මේ බව නිවේදනය කළේය. පෙර පැවති සැලසුමට අනුව, උළෙල මේ වසරේ සැප්තැම්බර් 10 වනදා සිට 25 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබිණ.
කෙසේ වෙතත් 2022, 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල යන නාමය නොවෙනස් වනු ඇත. සෙසු ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි නොපැවැත්වෙන කාලයක් තෝරා ගැනීම සඳහා ගෙවී ගිය මාස දෙක තුළ කවුන්සිලයේ කාරක කණ්ඩායම, චීන ඔලිම්පික් කමිටුව හා Hangzhou ආසියානු ක්‍රීඩා උළෙලේ කමිටුව සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇත. අවසානයේ උළෙල පැවැත්වීම සඳහා කාරක කණ්ඩායම යෝජනා කළ කාලය නිල වශයෙන් සම්මත කෙරුණු බව ආසියානු ඔලිම්පික් කවුන්සිලය ප්‍රකාශ කළේය.