ශ්‍රී ලංකාව කඩුලු 9ට ලකුණු 329 යි...

ජූලි 18, 2022

    ශ්‍රී ලංකා - පකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

    දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 329 ක් රැස් ගෙන සිටියා. තරගය, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 36 ක් ලබා සිටියා. අද පළමු කඩුල්ල ලෙස කසුන් රාජිත දැවී ගියේ ලකුණු 7 කට. ආරම්භක පිතිකරු ඔෂධ ප්‍රනාන්දු තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 6 වැනි අර්ධ ශතකය අද වාර්තා කළා. ඔහු දැවී ගියේ ලකුණු 64 ක් ලබා සිටියදී. කුසල් මෙන්ඩිස් අද ලබා ගත්තේ, සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 15 වැනි අර්ධ ශතකයයි. ඔහු රැස් කළ ලකුණු සංඛ්යාටව 76 ක්.

    ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා ලකුණු 20 කට දැවී ගිය අතර, නිරෝෂන් දික්වැල්ල ලකුණු 12 යි. ලකුණු 22 ක් ලබා සිටි රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස දැවී ගියා. දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් දිනේෂ් චන්දිමාල් අද තම ටෙස්ට් ක්රිමකට් දිවියේ 23 වැනි අර්ධ ශතකය වාර්තා ක‍ළා. ඔහු මෙම තරගයේ ඉනිම දෙකේදීම අර්ධ ශතක ලබා ගැනීම විශේෂත්වයක්.

    අද දිනය නිමා වන විට චන්දිමාල් නොදැවී ලකුණු 86 ක් රැස් කරගෙන සිටියා. ඒ අනුව, ශ්‍රී  ලංකාව මේ වන විට පකිස්තානයට වඩා ලකුණු 333 ක් ඉදිරියෙන් පසුවනවා. තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 222 ට පිළිතුරු ලෙස පකිස්තාන පිල සිය පළමු ඉනිම සඳහා ලකුණු 218ක් ලබා ගත්තා.

    Latest News