යුපුන් අබේකෝන් පස්වැනි ස්ථානයට...

ජූලි 16, 2022

    ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 මුලික තරගයේදී යුපුන් අබේකෝන් පස්වැනි ස්ථානයට පත්වුණා.

    තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන පැවැත්වුණා. ඒ අනුව, ඔහුට මීටර් 100 අවසන් පූර්ව වටයට පිවිසිමේ අවස්ථාව අහිමි වුණා. ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලිය අමෙරිකාවේ ඔරිගන්හිදි පැවැත්වෙනවා. යුපුන් තරගවැදුණේ, තුන්වැනි මූලික තරගයටයි.

    ඔහු තරගය නිම ‍කළේ, තප්පර 10.19ක් සටහන් කරමින්. තරග හතකින් සමන්විත වු පිරිමි මීටර් 100 මූලික වටය සඳහා ක්‍රීඩකයින් 56 දෙනෙකු තරග වැදුණා. ඒ අනුව කාල ගණනයට අනුව යුපුන්ට හිමිව ඇත්තේ 30 වන ස්ථානයයි. මෙවර ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වනවා.

    Latest News