පකිස්තාන-ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය හෙට (16)...

ජූලි 15, 2022

    සංචාරක පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (16) ආරම්භ වනවා. ‍

    ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අද පෙරවරුවේ ගාල්ල, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පුහුණුවීම්වලට එක්ව සිටියා. දෙරට අතර ටෙස්ට් තරග 55කින් තරග 20ක ජය පකිස්තානයටත්, තරග 16ක ජය ශ්‍රී ලංකාවටත් හිමිව තිබෙනවා.
    ඕස්ට්‍රේලියාව සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ මානසිකත්වයෙන් යුතුව හෙට තරගයට පිවිසෙනු ඇති බවයි, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න කියා සිටියේ....

    Latest News