ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි...

ජූලි 14, 2022

    පකිස්තානය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

    කණ්ඩායමට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්. තරගාවලිය පැවැත්වෙන්නේ, ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේයි. පළමු තරගය ලබන 16 වැනිදා ආරම්භ වන්නේ, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
    නම් කළ කණ්ඩායමේ නායකයා දිමුත් කරුණාරත්න. පැතුම් නිස්සංක, ඔෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ දිනේෂ් චන්දිමාල් පිතිකරුවන් ලෙස කණ්ඩායමට කැඳවා තිබෙනවා.
    පන්දු යන්නන් ලෙස කණ්ඩායමට කැඳවා තිබෙන්නේ රමේෂ් මෙන්ඩිස්, මහීශ් තීක්ෂණ, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මධුශංක, ප්‍රභාත් ජයසූරිය, දුනිත් වෙල්ලාල්ලගේ සහ ජෙෆ්රි වැන්ඩසේ.

    Latest News