ඔස්ට්‍රෙිලියානු සංචාරයේ නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනියට....

මැයි 25, 2022

    සංචාරක ඔස්ට්‍රෙිලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනියට හිමිව තිබෙනවා.

    ඔස්ට්‍රෙිලියාව පූර්ණ තරගාවලියක් සඳහා මෙරට සංචාරය කරන්නේ, 2016 වසරෙන් පසුවයි. තරගාවලියට 20-20 තරග 03ක්, එක්දින තරග 05ක් සහ ටෙස්ට් තරග 02ක් ඇතුළත්. පළමු 20-20 තරගය පැවැත්වෙන්නේ, ජුනි මස 07වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. පළමු එක්දින තරගය ජුනි මස 07වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වන්නේ ජුනි 29 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. තරගාවලිය ජූලි මස 12වැනිදා අවසන් වීමට නියමිතයි.

    Latest News