IPL; ගුජරාට් ටයිටන්ස් අවසන් තරගයට...

මැයි 25, 2022

    ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.

    ඒ, ඊයේ පැවති අවසන් පූර්ව තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරාජය කරමින්. තරගය පැවැත්වුණේ කොල්කටාහි ඊඩන්ගාඩන් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩකයින් පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 188ක්. ජෝස් බට්ලර් ලකුණු 89යි. නායක සංජු සැම්සන් ලකුණු 47යි.
    පිළිතුරු ඉනිම ආරම්භ කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 191ක් රැස් කර තරගයේ ජය හිමිකර ගත්තා. මැතිව් වේඩ් සහ ෂුග්මන් ගිල් ලකුණු 35 බැගින් ලබාගත් අතර, නායක හර්දික් පාන්ඩියා පන්දු 27කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 40ක්. ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 68ක් රැස් කළේ, පන්දු 38කදී. ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් ඇතුළත්. ඒ අනුව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර, ඔවුන් ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියකට එක්වූයේ පළමු වරටයි.

    Latest News