දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 220ක ජයක්...

අප්‍රේ 05, 2022

    බංග්ලාදේශය සමග පැවැත්වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 220 ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

    තරගය පැවැත්වුණේ, ඩර්බන්හිදී. දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 367ක් රැස්කළ අතර, බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු සංඛ්‍යාව 298ක්. මහාමුදුල් හසන් රෝයි ලකුණු 137යි.

    දකුණු අප්‍රිකා පිල සිය දෙවැනි ඉනිමට ලකුණු 204ක් රැස්කළ. තරගය ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම හිමිවූ ඉලක්කය ලකුණු 274. එහෙත් ඔවුන්ට සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 53ක් පමණයි. පන්දු යැවීමේදී කේෂව් මහාරාජ් ලකුණු 32කට කඩුලු 7ක් දවාගත්තා.

    දකුණු අප්‍රිකා කණ්ඩායම තරගය ජයගත්තේ, ලකුණු 220කින්.

    Last modified on බදාදා, 06 අප්‍රේල් 2022 08:52

    Latest News