IPL; RCB කණ්ඩායමට කඩුලු 4ක ජයක්...

අප්‍රේ 06, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල් සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

    මුලින් පන්දුව පහරදුන් රාජස්ථාන් රෝයල් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 3ක් දැවී ලකුණු 169ක් රැස් කළා. දක්‍ෂ පිති හරඹයක නිරත වූ ජොස් බට්ලර් නොදැවී ලකුණු 70යි. පන්දු යැවීමේ දී වනිදු හසරංග, ඩේවිල් විලී සහ හර්ෂාල් පටෙල් කඩුල්ල බැගින් දවාගත්තා. ‍

    ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 4ක් අතැතිව ජයග්‍රහණය හිමිකර ගත්තා. ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 44යි. ෂබාස් අහමඩ් ද ලකුණු 44ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ට්‍රින්ට් බෝල්ඩ් සහ යෂ්වේන්ද්‍ර චහල් කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා. තරගයේ වීරයා දිනේෂ් කාර්තික්.

    Latest News