IPL; ලක්නව් සුපර් ජෑන්ස්ට ලකුණු 12ක ජයක්...

අප්‍රේ 05, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරඟාවලියේ, සන්රසිය් හයිද්‍රාබාද් සහ ලක්නව් සුපර් ජෑන්ස් කණ්ඩායම් අතර, තරගයෙන් ජය ගැනීමට ලක්නව් සුපර් ජෑන්ස් කණ්ඩායම සමත් වුණා.

    තරගය පැවැත්වුණේ, මුම්බායිහිදී. මුලින්ම පන්දුවට පහරදුන් ලක්නව් සුපර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 169ක් රැස්කළා. කේ එල් රාහුල් පන්දු 50කදී ලකුණු 68ක් රැස්කළා. දීපක් හුඩා පන්දු 33කදී ලකුණු 51යි. පන්දු යැවීමේදී වොෂින්ටන් සුන්දර, රොමාරියෝ ෂෙපඩ් සහ ටී නටරාජන් කඩුලු 2 බැගින් දවාගත්තා.

    පිලිතුරු ලෙස සන්රසිය් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩලු 9 ක් දැවී ලබාගත්තේ ලකුණු 157ක් පමණයි. රාහුල් ත්‍රිපති ලකුණු 44යි. ආවේෂ් ඛාන් කඩුලු 4ක් සහ ජේසන් හේල්ඩර් කඩුලු 3ක් බිඳහෙලුවා. ඒ අනුව, ලක්නව් සුපර් ජෑන්ස් කණ්ඩායම තරගය ජයගත්තේ, ලකුණු 12කින්.

    Last modified on බදාදා, 06 අප්‍රේල් 2022 08:53

    Latest News