ලෝක කුසලානය ඔස්ට්‍රෙිලියාවට....

අප්‍රේ 03, 2022

    කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව 7වන වරටත් දිනා ගැනීමට, ඔස්ට්‍රෙිලියාව සමත් වුණා.

    ඒ, නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පැවති මෙවර අවසන් තරගයේදී එංගලන්තය ලකුණු 71කින් පරාජයට පත් කරමින්. තරගයෙ කාසියේ වාසිය දිනූ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම, පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රෙිලියානු කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව, පිටියට පිවිසි ඔස්ට්‍රෙිලියානු ක්‍රීඩිකාවන් නියමිත පවන්දුවාර 50 ඇතුලත කඩුළු 5ක් දැවී, ලකුණු 356ක් ලබාගත්තා.

    ඇලීසා හේලි පන්දු 138කට මුහුණ දෙමින් වේගවත් ලකුණු ලකුණු 170ක් රැස්කළා. ඊට 4 පහර 26ක් ඇතුලත්. ඇලීසා හේලි මෙවර ලෝක කුසලාන තරගාවලියේදී වැඩිම ලකුණු ලාභී ක්‍රීඩිකාව වෙමින්, රැස්කළ සමස්ත ලකුණු සංඛ්‍යාව 509ක්. එය කාන්තා ලෝක කුසලාන තරගාවලියකදී ක්‍රීඩිකාවක් මෙතෙක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි. පන්දු යැවීමේදී අන්යා ශුබොස්ලෙ ලකුණු 46කට කඩුලු 3ක් බිඳ හෙලුවා. පිළිතුරු ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායමට, පන්දුවාර 43යි පබන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකිවූයේ, ලකුනු 285ක් පමණයි. නෙට් ෂිවර් නොදැවී ලකුනු 148යි. 4 පහරක් සහ 6 පහර 15ක් එම ලකුණු අතරට ඇතුලත්. ඔස්ට්‍රිලියානු කණ්ඩායමේ ඇලන් කින් සහ ජේස් ජොන්සන් කඩුලු 3 බැගින් දවාගත්තා.

    Latest News