IPL; රාජස්ථාන් රෝයල්ස්ට ලකුණු 23ක ජයක්...

අප්‍රේ 03, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ඊයේ පැවැති තරගයෙන් ජය වාර්තා කිරීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

    තරගය පැවැත්වුණේ මුම්බායි හිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 193 ක් රැස් කළා. ජොෂ් බට්ලර් ලකුණු 100 යි. පන්දු 68 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 11 ක් සහ 6 පහර 5 ක් ඇතුලත්. ශිම්රෝන් හෙට්මයර් ලකුණු 35 යි. පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා සහ ටිමාල් මිල්ස් කඩුලු 3 බැගින් බිඳ හෙලුවා. පිළිතුරු ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 170ක් පමණයි. තිලක් වර්මා පන්දු 33 කදී ලකුණු 61 රැස් කළා. ඉශාන් කිශාන් ලකුණු 54යි. පන්දු යැවීමේදී නව්දීප් සයිනි සහ යුශ්වේන්ද්‍ර චහාල් කඩුලු 2 බැගින් කඩුළු 2 බැගින් ලබාගත්තා.

    තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ජය ගත්තේ ලකුණු 23 කින්.

    Latest News