IPL; රසල් කොල්කටා පිල දිනවයි

අප්‍රේ 02, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය හිමිකර ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත්වුණා.

    ඔවුන් හමුවේ පරාජපයට පත්වුණේ, පංජාබ් කිංග්ස් කණ්ඩායමයි. තරග ඉන්දියාවේ වැන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 137ක් පමණි. ප්‍රෙව්ගකාරී පිති හරඹයක නිරත වෙමින් භානුක රාජපක්‍ෂ පන්දු 9කදී ලකුණු 31ක් රැස් කළා. ඊට 6 පහර 3ක් සහ 4 පහර 3ක් ඇතුළත්. පන්දු යැවීමේදී උමේෂ් යාදෙව් කඩුලු 4ක් දවා ගත්තා.
    ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම කඩුලු 6ක් අතැතිව ජය හිමිකර ගත්තා. දක්ෂ පිතිහරඹයක නිරත වූ ඇන්ඩ්‍රි රසල් නොදැවී ලකුණු 70යි. පන්දු යැවීමේ දී රාහුල් චහර් කඩුලු 2ක් දවාගත්තා. තරගයේ වීරයා උමේෂ් යාදෙව්.

    Latest News