IPL; ලක්නව් පිලට කඩුලු 6ක ජයක්...

අප්‍රේ 01, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතර තරගය ඊයේ පැවැත්වුණා.

    ලක්නම් සුපර් ජයන්ට්ස් කණ්ඩායම එම තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තා. පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුලු 7ක් දැවී ලකුණු 210ක් රැස් කළා. කණ්ඩායම වෙනුවෙන් රොබින් උත්තාපා ලකුණු 50යි. පන්දු යැවීමේදී අවිෂ්කාන් ඇන්ඩෘටයි සහ රවී බිෂ්නෝන් කඩුලු 2 බැගින් දවාගත්තා.

    ලකුණු 211ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 6ක් අතැතිව තරගයේ ජය තමන් සතුකර ගැනීමට සමත්වුණා. එවින් ලුවිස් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් පන්දු 23කදී නොදැවී ලකුණු 55ක් රැස් කළා. ක්විටන් ඩිකොක් ලකුණු 61යි. පන්දු යැවීමේදී ඩිවෙයින් කඩුලු 2ක් බිඳ හෙලුවා. තරගයේ වීරයා එවින් ලුවිස්.

    Latest News