IPL; වනිඳුගෙන් දක්‍ෂ පන්දු යැවීමක්....

මාර් 31, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරගවල පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටිනවා.

    ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ ඊයේ පැවති තරගයේදී දවාගත් කඩලු 4ත් සමඟයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙස ඊයේ පැවැත්වුණේ, කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර තරගයයි. පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 128ක් රැස් කළා. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වුයේ, ඇන්ඩ්‍රි රසල්. ඔහු ලකුණු 25ක් ලබාගත්තා. දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග පන්දුවාර 4ක් තුළ ලකුණු 20කට කඩුලු 4ක් දවාගත්තා.

    ජයග්‍රහණය සඳහා ලකුණු 129ක ඉලක්කයක් හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 3ක් අතැතිව තරගයේ ජය හිමිකර ගත්තා. රදර් ෆර්ඩ් ලකුණු 28යි. පන්දු යැවීමේදී ටිම් සවුති කඩුලු 3ක් බිඳ හෙලුවා. තරගයේ වීරයා වනිඳු හසරංග.

    Latest News