IPL; ගුජරාට් ටයිටන්ස්ට කඩුලු 5ක ජයක්

මාර් 29, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ "ලක්නව් සුපර් ජයන්ටිස්" සහ "ගුජරාට් ටයිටන්ස්" කණ්ඩායම් අතර තරගයෙන් ජය හිමිකර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.

    තරගය ඊයේ පැවැත්වුණේ, මුම්බායිහිදී. මුලින් පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් ලබාගත්තා. ආයුෂ් බදෝනි ලකුණු 54යි. දීපක් හූඩා ලකුණු 55ක් රැස් කළා. පන්දු යැවීමේදී මොහොමඩ් ෂාමි ලකුණු 25කට කඩුලු 3ක් බිඳ හෙලුවා. තරගය ජය ගැනී සඳහා ලකුණු 159ක ඉලක්කයක් හඹා ගිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ පළමු කඩුලු දෙක දවා ගනු ලැබුවේ, දුෂ්මන්ත චමීර විසින්. ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් අභිනව් මනෝහාර් නොදැවී ලකුණු 40යි. නායක හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 33ක් රැස් කළා. තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමිවුණා.

    Latest News