පළමු එක්දින තරගයෙන් ද.අප්‍රිකාවට කඩුලු 8ක ජයක්

මාර් 03, 2019

    ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු අටකින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

    තරගය පැවැත්වුණේ ජොහැන්නස්බර්ග්හි නිව්වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේ දී. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු ක්‍රීඩකයන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 231ක්.

    කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා. වැඩිම ලකුණු රැස් කළේ කුසල් මෙන්ඩිස්. ඔහු තම එක්දින දිවියේ 13 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 60ක් ලබාගත්තා. අද පළමු එක්දින තරගයට ක්‍රීඩා කරන ඔෂධ ප්‍රනාන්දු ලබාගත් ලකුණු සංඛ්‍යාව 49ක්.

    පන්දු යැවීමේදී ලුන්ගි එන්ඩිනී සහ ඉම්රාන් තහීර් අතර කඩුලු තුන බැගින් බෙදීගියා. පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කලේ ක්වින්ටන් ඩී කොක් සහ රීසා හෙන්රික්ස්. පළමු කඩුල්ල ලෙස හෙන්රික් එක් ලකුණකට දැවී ගියා. අනගා ඉනිමක් ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු පිලේ පප් ඩුප්ලසී නොදැවී ලකුණු 112ක් ලබාගැනිමට සමත්වුණා.

    Latest News