ශ්‍රී ලංකාව - සිම්බාබ්වේ දෙවන එක්දින තරගයෙන් සිම්බාබ්වේට ලකුණු 22 ක ජයක්

ජන 19, 2022

    ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 22 ක ජයක් හිමිකර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (18) සමත්වුණා.

    තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ය.

    තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 302ක් රැස් කළා. නායක ක්‍රේග් අර්වින් ලකුණු 91යි. සිකන්දර් රාසා ලකුණු 56යි. පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ කඩුළු 3ක් දවාගත්තා.

    ලකුණු 303ක ජයග්‍රහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු තරගයකින් පසු පරාජයට පත්වුණේ ලකුණු 22කින්. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ දසුන් ශානක සිය මංගල ශතකය වාර්තා කළා. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 102ක්. කමිඳු මෙන්ඩිස් ලකුණු 55 යි.

    පන්දු යැවීමේදී ටෙන්ඩායි චෙටාරා සහ බ්ලෙසින් මසර්බානි කඩුලු 3 බැගින් දවා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ රැස්කරගත හැකිවූයේ කඩුලු 9ක් දැවී කඩු 280 ක් පමණයි.

    තරගයේ වීරයා සිබ්බාබ්වේ නායකයෙක් ක්‍රේග් අර්වින්.

    තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවෙනවා. දෙරට අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය ලබන සිකුරාදා(21) පැවැත්වීමට නියමිතයි.

    Latest News