ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තීරණාත්මක තරගය හෙට (21)

ජන 20, 2022

    ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට (21) පැවැත්වෙනවා.

    ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. තරගාවලියේ ප්‍රථම තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර, දෙවන තරගය තියුණු තරගයකින් පසු සිම්බාබ්වේ කණ්ඩායම ජය හිමිකරගත්තා. කෙසේ වෙතත් හෙට තරගය තීරණාත්මක වන අතර, තරගය ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවනවා.  තරගය රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ජනවාරි 2022 19:58

    Latest News