වනිදු 20-20 අයි.සී.සී.  සම්මානයට....

දෙසැ 29, 2021

    වසරේ 20-20 ක්‍රීඩකයාට පිදෙන අයි සී සී සම්මානය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග නිර්දේශ වී තිබෙනවා.

    වනිදු හසරංගට අමතරව එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර්, පකිස්තානයේ මොහොමඩ් රිස්වාන් සහ ඔස්ට්‍රෙිලියාවේ මිචෙල් මාෂ් වසරේ 20-20 ක්‍රීඩකයාට හිමි අයි සිී සී සම්මානයට නිර්දේශ වී සිටිනවා. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අදාළ නිර්දේශිත නාම ප්‍රකාශයට පත්කලේ, අද පස්වරුවේ, මීට අමතරව අයි සී සී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට අදාළ නිර්දේශිත නාම සඳහා දිමුත් කරුණාරත්න ද තේරී පත්වුණා.

    Last modified on බදාදා, 29 දෙසැම්බර් 2021 19:27

    Latest News