ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද

ඔක් 28, 2021

    T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7:30 ට ආරම්භ වීමට නියමිතයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී අද පැවැත්වෙන තරගය සඳහා ශ්‍රී ලංකාව එක් වන්නේ, මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ජයග්‍රහණය හිමිකරගත් කණ්ඩායම ලෙසයි. එමෙන්ම ඕස්ට්‍රේලියාව ද ඔවුන් සහභාගී වූ ප්‍රථම තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රහණය කර තිබෙනවා.

    අද තරගය සඳහා ශ්‍රී ලංකාව කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ තීක්ෂණ නැවත කණ්ඩායමට එක්වීමට නියමිතයි. ආබාධයක් හේතුවෙන් ඔහු පසුගිය බංග්ලාදේශ තරඟාවලිය සඳහා සහභාගි වූයේ නැහැ.

    Latest News