IPL; සන්රයිසස් හයිද්‍රාබාද්ට කඩුලු 07 ක ජයක්...

සැප් 28, 2021

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

    ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරාජය කරමින්.  තරගාවලිය ඩුබායිහි දී පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුළු 05 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 164 ක්.

    නායක සංජු සැම්සන් ලකුණු 82 යි. පන්දු 57 කදී ගොඩ නැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් ඇතුලත්. යෂස්වි ජයිස්වාල් ලකුණු 36 යි. පන්දු යැවීමේ දී සිද්ධාර්ත් කෝල් කඩුළු 2 ක් බිඳ දැමුවා.

    පිළිතුරු ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 3 ක් අවසානයේ කඩුළු 3 ක් පමණක් දැවී ලකුණු 167 ක් රැස් කරමින් තරගය ජයගත්තා. ජේසන් රෝයි ලකුණු 60 යි. නායක කේන් විලියම්සන් නොදැවී ලකුණු 51 යි.

    Latest News