කොල්කටා නයිට්රයිඩස් සහ මුම්බායි ඉන්දියන්ස් ජයගනී...

සැප් 29, 2021

    ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය හිමිකර ගැනීමට කොල්කටා නයිට්රයිඩස් සහ මුම්බායි ඉන්දියන් කණ්ඩායම් සමත්වුණා.  

    කොල්කටා නයිට්රයිඩස් කණ්ඩායම් ඊයේ තරග වැදුණේ, දිල්ලි කැපිටල් කණ්ඩායම සමගයි. පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 127 ක් රැස් කළා. පිළිතුරු ලෙස කොල්කටා නයිට්රයිඩස් කණ්ඩායම තරගය ජයගත්තේ පන්දුවාර 18 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 130 ක් රැස් කරමින්.

    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ තරග වැදුණේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි. පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 135 ක් රැස් කළා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගය ජයගත්තේ පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 137 ක් රැස් කරමින්.

    Last modified on බදාදා, 29 සැප්තැම්බර් 2021 19:00

    Latest News