IPL; RCB කණ්ඩායමට ජය - පටෙල්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

සැප් 27, 2021

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අතර පැවති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ජය හිමිකර ගත්තා.

    පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 6ක් දැවී ලකුණු 165 ක් රැස්කළා. ලකුණු 166ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 111ක් පමණි.

    විශිෂ්ඨ පන්දු යැවීමට නිරතවූ හර්ෂාල් පටෙල් මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ කඩුලු හතරක් බිඳ හෙළීමට සමත්වුණා. එහිදී ඔහු කඩුලු ත්‍රිත්වයක් ද ලබාගත්තා.

    Latest News