IPL ; පංජාබ් කිංග්ස් කණ්ඩායමට ලකුණු 5ක ජයක්

සැප් 26, 2021

    පංජාබ් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවති තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම ජය හිමිකර ගත්තා.

    පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 125ක් රැස් කරගැනීමට සමත්වුණා. ඒයිඩින් මැක්‍රම් ලකුණු 27යි. පන්දු යැවීමේදී ජේසන් හෝලඩර් කඩුලු 3ක් දවාගත්තා.

    පිළිතුරු ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 120ක් පමණි. ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 47යි. පන්දු යැවීමේදී රවී බිෂ්නෝයි කඩුලු 3ක් දවාගත්තා. තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම ජයගත්තේ ලකුණු 5කින්.

    Latest News