IPL; දිල්ලි කැපිටල්ස්ට ලකුණු 33ක ජයක්

සැප් 26, 2021

    ඉන්දීය ප්‍රීමියලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල් කණ්ඩායමට අතර ඊයේ පැවති තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ජය හිමිකර ගැනීමට සමත්වුණා.

    තරගය පැවැත්වුණේ ඩුබායිහිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කළා. ශ්‍රෙයාර්ස් ඉයර් ලකුණු 43යි. පන්දු යැවීමේදී මුෂ්ෆිකර් රහීම් සහ චේතන් සකාරියා කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

    පිළිතුරු ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 121ක් පමණි. සංජු සැම්සන් නොදැවී ලකුණු 70යි. ඇන්ඩ්‍රිව් නෝර්ට්ජේ කඩුලු 2ක් දවාගත්තා. තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ජයගත්තේ ලකුණු 33කින්.

    Latest News