IPL; ඊයේ ජය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට

සැප් 25, 2021

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.

    තරගාවලිය පැවැත්වෙන්නේ ඩුබායිහිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම, පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස් කළේය. දෙව්දත් පඩික්කාල් ලකුණු 70යි. නායක විරාත් කෝලි ලකුණු 53ක් රැස් කළේය.

    පන්දු යැවීමේදී ඩ්වේන් බ්‍රාවෝ කඩුලු 3ක් දවා ගත් අතර, ශාදුල් තකූර් කඩුලු 2යි. පිළිතුරු ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී තරගයේ ජය වාර්තා කළේය. රුතුරාජ් ගයික්වාඩ් ලකුණු 38ක් රැස් කළ අතර, අම්බති රයුදු ලකුණු 32යි.

    Latest News