IPL; කොල්කටා නයිට් රයිඩර්ස්ට කඩුලු 07 ක ජයක්...

සැප් 24, 2021

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදවා කඩුලු 07 ක ජයක් හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හැකිවුණා.  

    තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 155 ක්. ක්වින්ටන් ඩිකොක් ලකුණු 55 යි. පිළිතුරු ඉනිම සඳහා පැමිණි කොල්කටා කණ්ඩායම පන්දුවාර 15 යි එක් පන්දුවක් තුළ කඩුලු 03 ක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළා. වෙන්කටේෂ් අයියර් ලකුණු 53 යි. රාහුල් ත්‍රීපති නොදැවී ලකුණු 74 යි.

    Last modified on සිකුරාදා, 24 සැප්තැම්බර් 2021 20:22

    Latest News