"පන්ජාබ් කිංස්" පරදවා "රාජස්ථාන් රෝයල්" ජයගනී...

සැප් 22, 2021

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයේ ජය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායම සමත්වුණා.

    ඒ, "පන්ජාබ් කිංස්" කණ්ඩායම ලකුණු දෙකකින් පරාජය කරමින්.  තරගාවලිය පැවැත්වෙන්නේ, ඩුබායිහිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 185 ක් ලබා ගත් අතර යෂ්වින්  ජයිස්වාල් ලදකුණු 49 ක් සහ මහීපල් ලොම්මෝර් ලකුණු 43 ක් රස් කළා. පන්දු යැවීමේදී අර්ජිෆ් සිං ලකුණු 32 කට කඩුලු 5 ක් බිඳදැමුවා.

    තරගය ජය ගැනීම සඳහා ලකුණු 186 ක ඉලක්කයක්  හඹා ගිය "පන්ජාබ් කිංස්" කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 183 ක් පමණයි. තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දුවාරයේදී "පන්ජාබ්"  ක්‍රීඩකයින්ට ලකුණු 4 ක් ලබාගත යුතු වුණා. නමුත් එම පන්දුවාරය යැවූ කාර්තික් ත්‍යාගී එක් ලකුණක් පමණක් ලබාදී කඩුලු 02 ක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.  මයන්ක් අගර්වාර් ලකුණු 67 යි. පන්දු යැවීමේදී කාර්තික් ත්‍යාගි ලකුණු 29 කට කඩුලු 02 ක් බිඳ හෙළුවා තරගයේ වීරයා කාර්තික් ත්‍යාගි.

    Latest News