ඉතිහාසය වෙනස්කළ රණවිරු දිනේෂ්ට උපහාර

අගෝ 31, 2021

    ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී පදක්කම් හිමිකරගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන්ට උපහාර පිදීමේ උත්සවයක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී අද පැවැත්වුණා. 

    ලංකා ජී විහාරයේ විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නය ක්‍රීඩකයින්ට ආශිර්වාද කළා.  

    පැරාලිම්පික් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම හිමි කර ගැනීමට දිනේෂ් ප්‍රියන්ත ඊයේ සමත් වූ අතර ඔහු ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත් වීම විශේෂත්වයක්. 

    මේ අතර ඊයේ සමිත දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තා.

    Pic 5

    Pic 4 1

    Pic 2 1

     

    Latest News