දෙවැනි එක්දින තරඟයෙන් ඉන්දියාවට කඩුලු 3ක ජයක්

ජූලි 21, 2021

    සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින තරඟය කඩුලු 3කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

    තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 50 දී කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස්කිරීමට සමත් විය.

    චරිත් අසලංක ලකුණු 65යි, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50ක් සහ චාමික චාමික කරුණාරත්න නොදැවී ලකුණු 44ක් ලබාගැනීමට සමත්වූහ. පන්දු යැවීමේදී යුවේන්ද්‍ර චහාල් සහ බුවනේශ්ව(ර්) කුමාර් කඩුලු 3 බැගින් දවාගත් අතර දීපාක් චහාර් කඩුලු 2ක් දවා ගත්තේය.

    පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් තුළ කඩුලු 7ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය. දීපාක් චහල් නොදැවී ලකුණු 69යි. සූර්ය කුමාර් යාදෙව් ලකුණු 53යි. පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 3ක් දවා ගැනිමට සමත්විය.

    Latest News