IPL 7 වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් පිලට ජය

අප්‍රේ 17, 2021

    IPL ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් පිල පරදවා කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් පිල සමත් වෙයි.

    මුම්බායිහී වැන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි පිල ලකුණු 147ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය රාජස්ථාන් ක්‍රීඩකයෝ පන්දු 2ක් ඉතිරිව තිබියදී ජය හිමි කර ගත්තේ කඩුලු 7ක් දැවී තිබියදීය.

    රාජස්ථාන් පිළිතුරු ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 13කට බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි ඩේවිඩ් මිලර් පන්දු 43කින් ලකුණු 62ක් රැස් කරමින් කණ්ඩායමට ජයග්‍රාහී බලාපොරොත්තු ඇති කළේය.

    Latest News