IPL; 09 වැනි ජය මුම්බායි ඉන්දියන්ස්ට

අප්‍රේ 18, 2021

    IPL තරගාවලියේ ඊයේ පැවති 09 වැනි තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරදවා මුම්බායි ඉන්දියන්ස් පිල ජය ගැනිමට සමත්විය.

    ඔවුන් ඊයේ වාර්තා කළේ දෙවැනි ජයග්‍රහණයයි. තරගය පැවැත්වුණේ චෙන්නායිහිදී. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිල ලකුණු 150 රැස් කළේ, සිය පන්දුවාර 20 තුළ කඩුලු 05ක් පමණක් දැවීයාමෙන්.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් පිලට සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 137ක් පමණි. පන්දු යැවීමේ දී ටේරන්ට් බෝල්ට් ලකුණු 28කට කඩුලු 3ක් සහ රාහුල් චාහර් ලකුණු 19ට කඩුලු 3ක් දවාගැනීමට සමත්වූහ.

    ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් පිල ලකුණු 13කින් තරගය ජයග්‍රහණය කිරීමට සමත්විය. තරගයේ වීරයා මුම්බායි පිලේ කිරාන් පොලාර්ට්.

    Latest News