පිහිනුම් ශූර, රොෂාන් අබේසුන්දරගෙන් නව ආසියානු වාර්තාවක්

අප්‍රේ 11, 2021

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර, රොෂාන් අබේසුන්දර නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත්විය.

    ඒ තලේමන්නාරම මුහුදු තීරයේ සිට, ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිනා, යළි තලේමන්නාරමට වාර්තාගත කාලයකින් පැමිණිමෙන්. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ පූර්ණ සහයෝගය හා මඟ පෙන්වීම මීට හිවිවිය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක, ගුවන් භට රොෂාන් අබේසුන්දර, ඊයේ අලුයම 2.00ට පමණ තලේමන්නාරම මුහුදු තීරයෙන් පිහිනීම ආරම්භ කළේය.

    තලේමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා දුර, කිලෝ මීටර 59.3ක්. ඔහු අද උදෑසන 7.00 පමණ වනවිට, යළිත් තලේමන්නාරම දක්වා පැමිණ, නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත්විය.

    ඔහු ඒ සඳහා ගත කළ කාලය පැය 28යි, විනාඩි 19යි, තත්පර 43ක්. මීට පෙර, 1971 වසරේදී ඉන්දියාවේ කුමාර් ආනන්දන් නමැති ක්‍රීඩකයා, පැය 51කදී මෙම දුර නිම කරමින්, ආසියානු වාර්තාව පිහිටුවා තිබිණ. මේ අතර රොෂාන් අබේසුන්දර තලේමන්නාරම සිට ධනුෂ්කොඩි දක්වා පැය 10යි, විනාඩි 31කදී පිහිනා, නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීමට සමත්විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අප්‍රේල් 2021 12:15

    Latest News