දෙවැනි ඉනිමේදීත් ශ්‍රී ලංකා පිලෙන් අසාර්ථක ආරම්භයක්

ජන 25, 2019

    ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 17ක් ලබා සිටියා.

    තරගය ඔස්ට්‍රේලියාවේ ගැබා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. පළමු ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 323ක් රැස් කළා.

    ට්‍රේවිස් හෙඩ් ලකුණු 84යි. පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් ලකුණු 75කට කඩුලු 5ක් දවාගත්තා. දිල්රුවන් පෙරේරා කඩුලු 2ක් බිඳ හෙලුවා. ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු ප්‍රථම ඉනිමට වඩා ලකුණු 162ක් පිටුපසින් පසුවනවා.

     

     

     

    Latest News