ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 144යි

ජන 24, 2019

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර, ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනය අදයි.

    දිනය නිමාවන විට ප්‍රථම ඉනිමේදී ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 72ක් ලබා සිටියා. තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේ දී. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථක පිතිකරණය හේතුවෙන් සියලු දෙනා ලකුණු 144කට දැවී ගියා. ලකුණු 50 සීමාව පසු කළේ නිරෝෂන් දික්වැල්ලයි. ඔහු ලකුණු 64ක් ලබාගත්තා. පන්දු යැවීමේදී පැට් කමින්ස් කඩුලු 4ක් සහ ජේ.රිචඩ්සන් කඩුලු 3ක් බිඳ හෙලුවා.

    ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල දැවී ගියේ ලකුණු 37කදී. මාකස් හැරිස් සහ නෙතන් ලියෝන් නොදැවී ක්‍රීඩා කරනවා හෙට තරගයේ දෙවැනි දිනයයි.

    Latest News