ඔස්ට්‍රේලියාවට ලකුණු 40ක ජයක්

ජන 26, 2019

    ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 40කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

    තරගය පැවැත්වුණේ, බ්‍රිස්බෙන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී. තුන්වැනි දිනට තරගය ආරම්භ කරනවිට ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 17ක් ලබා සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4 දැවී ගියේ ලකුණු 35ක් තුළයි.

    ධනංජය ද සිල්වා ලකුණු 14ක් රැස් කළ අතර, ලහිරු තිරිමාන්ත ලකුණු 32කට දැවී ගියා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 24යි. ශ්‍රී ලංකාවේ දෙවැනි ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ ලකුණු 139ක් පමණයි.

    Latest News