රාජස්ථාන් රෝයල්ස්ට කඩුලු 07ක ජයක්

ඔක් 31, 2020

    ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ කිංග්ස් ලෙවන් පන්ජාබ් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර පැවති තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

    තරගය පැවැත්වුණේ අබුඩාබිහිදී.

    පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 185ක් ලබාගත්තේය. ක්‍රිස්ගේල් ලකුණු 99යි. එයට හතරේ පහර 06ක් සහ හයේ පහර 08ක් ඇතුලත්.

    නායක ලෝකේෂ් රාහුල් ලකුණු 46යි. පන්දු යැවීමේදී ජොෆ්රා ආචර් ලකුණු 26ට කඩුලු 02ක් බිඳ හෙලීය. පිළිතුරු ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 17යි, පන්දු 03කදී සිය ජය වාර්තා කළේය.

    බෙන්ස් ස්ටොක්ස් ලකුණු 50යි. එයට හතරේ පහර 06ක් සහ හයේ පහර 03ක් ඇතුලත්. සංජු සැම්සන් ලකුණු 48ක් ලබා ගත්තේය.

    Last modified on සෙනසුරාදා, 31 ඔක්තෝබර් 2020 19:31

    Latest News