නුවන් කුලසේකර වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස නම් කෙරේ

නොවැ 02, 2020

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වන නුවන් කුලසේකර LPL ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙස තෝරා ගෙන තිබේ.

    එක්දින ක්‍රිකට් පිටියේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ද හිමි කර ගත් කුලසේකර 2017 වසරේ අවසන් වරට 20-20 තරගයට එක් විය.
    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 20-20 තරග 58ක් ක්‍රීඩා කර ඇති ඔහු එහිදී කඩුලු 66ක් දවා ගැනීමට සමත්විය.

    ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හෂාන් තිලකරත්න කටයුතු කරයි. LPL තරගාවලිය මේ මස 21 වැනිදා සිට දෙසැම්බර් මස 13 දක්වා පැවැත්වේ

    Latest News