දෙවැනි 20-20 තරගයෙන් ද එංගලන්තයට ජය

සැප් 07, 2020

    ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවැනි 20-20 තරගයෙන් ද ජය වාර්තා කිරීමට එංගලන්තය සමත්විය.

    ඒ අනුව පැවති තරග දෙකම ජය ගනිමින් ඔවුන් තරගාවලියේ පෙරමුණ ගෙන තිබේ. දෙවැනි 20-20 තරගය පැවැත්වුණේ, එංගලන්තයේ සවුතම්ටන් හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී, ලකුණු 157ක් රැස් කළේය. ඒරන් ෆින්ච් ලකුණු 40යි.

    පන්දු යැවීමේදී ක්‍රිස් ජොර්ඩ්න් කඩුලු 2ක් බිඳ හෙළිය. අනතුරුව එංගලන්ත කණ්ඩායම පන්දුවාර 18යි, පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 158ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය.

    ජෝෂ් බට්ලර් ලකුණු 77යි. තරගයෙන් එංගලන්ත කණ්ඩායම ජය ගත්තේ කඩුලු 6කින්.

    Latest News